රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණවලට නවසීලන්ත දැනුම

මෙරට රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහනට විශේෂඥ දැනුම ලබා දීමට නවසීලන්තය සූදානම්

by Staff writer 28-06-2023 | 6:46 PM

COLOMBO (News 1st) – මෙරට රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහනට විශේෂඥ දැනුම ලබා දීමට නවසීලන්තය සූදානම්

මෙරට රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහනට විශේෂඥ දැනුම ලබා දීමට සූදානම් බව, මෙරට නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, ඊට සහාය වීම සඳහා නවසිලන්තයේ හිටපු රාජ්‍ය සේවා කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අරලියගහ මන්දිරයේදී අද හමුවු අවස්ථාවේදි ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සමග කෙරෙන ද්විපාර්ශවික ආර්ථික සහයෝගීතාව ඉහළ නංවන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නවසීලන්තයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. 

ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ, කොළඹ සැලැස්ම යටතේ ලබා දෙන සහය ද වැඩි කරන ලෙසයි.

වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා පියවර, ණය ප්‍රතිව්‍යුහගතකරණය, වෙළඳ හා ආයෝජන, මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාළ කරුණු ද එහිදි සාකච්ඡා කළ බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.