ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් එකට

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

by Staff writer 28-06-2023 | 6:16 AM

COLOMBO (News 1st) - දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ, අදාළ යෝජනා ලබන සිකුරදා මුදල් කාරක සභාවට ද ඉදිරිපත් කරන බවය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදලක සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා සඳහන් කළේ, මින් අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිදු ආකාරයකට බලපෑමක් නොවන බවයි.

එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.