ඩෙංගු රෝගීන් ආවේක්ෂණයට නව පද්ධතියක්

ඩෙංගු රෝගීන් ආවේක්ෂණය කිරීමට නව පද්ධතියක්

by Staff writer 28-06-2023 | 9:30 AM

COLOMBO (News 1st) – ඩෙංගු රෝගීන් ආවේක්ෂණය කිරීමේ නව පද්ධතියක් අද (28) එළිදක්වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, මෙම නව පද්ධතිය හරහා රෝගීන් වාර්තා වන ප්‍රදේශ නිරීක්ෂණය කර ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 48246 ක් වාර්තා වී ඇත.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 10626 කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 10316 ක් වාර්තා වේ.