කිලිනොච්චියේ වෙඩි තැබිමක්

කිලිනොච්චියේ වෙඩි තැබිමක්: පුද්ගලයෙක්ට තුවාල

by Staff writer 28-06-2023 | 10:14 AM

COLOMBO (News 1st) – කිලිනොච්චි, උදය නගර් ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, මෝටර් රථයකින් යමින් සිටි පිරිසකට අද (28) අලුයම මෙම වෙඩි තැබීම කර ඇති බවයි.

තුවාල ලබා ඇත්තේ, මෝටර් රථය පැද වූ 38 හැවිරිදි උදය නගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මේ වනවිට කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.

පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා ඇතුළු තිදෙනෙකු කිලිනොච්චි, කනකපුරම් ප්‍රදේශයට ගොස් සිටියදී ඇති වූ අරවුලකින් පසු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව කිලිනොච්චි පොලීසිය සඳහන් කළේ ය.