තොටිල්ලක ගෙල සිරවී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

by Staff writer 28-06-2023 | 1:06 PM

COLOMBO (News 1st) – නාවලපිටිය  මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබේ. 

සාරියකින් බැඳ තිබු තොටිල්ලක එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙකි. 

නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊයේ දහවල් කාලයේදියි.

මේ අතර වාකරේ  කැලෑ ප්‍රදේශයකදී බඳින තුවක්කුවක් පත්තු වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ. 

පොලිසිය පැවසුවේ තම වැඩිමහල් සහෝදරයා හා වැඩිමහල් සහෝදරියන්ගේ ස්වාමිපුරුෂයන් දෙදෙනා සමග සතුන් දඩයම් කිරිම සඳහා ගිය අවස්ථාවේදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් 24,28 හා 32 හැරිදි එම දරුවාගේ ඥාතීන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් විසින් රැගෙන ගිය බඳින තුවක්කු දෙක සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.