ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ

by Staff writer 28-06-2023 | 6:20 AM

COLOMBO (News 1st) - ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (28) පැවැත්වේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදීයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇත.

මේ අතර ජුලි මස 01 වැනි සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අත්සනිනි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි අදාළ කැඳවීම සිදුකළ බව ගැසට් නිවේදනයේ සඳහන් විය.