අස්වැසුම අභියාචනා භාර ගන්න අද සිට විශේෂ කවුළු

අස්වැසුම අහිමිවූවන්ගේ අභියාචනා භාර ගැනීමට අද සිට විශේෂ කවුළු

by Staff writer 28-06-2023 | 6:10 AM

COLOMBO (News 1st) - අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අද (28) සිට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශේෂ කවුළු විවෘත කිරීමට තීරණය කර තිබේ.

සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, ඒ සඳහා වෙනම කණ්ඩායමක් ද අනියුක්ත කර ඇති බවයි.

පසුගිය 20 වැනි දා සිට මේ දක්වා කාලය තුළ අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ලක්ෂ 2 කට අධික  සංඛ්‍යාවක් ලැබි ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.