හඟුරන්කෙත තරුණයා ඝාතනය:පුද්ගලයින් 9 ක් අත්අඩංගුවට

හඟුරන්කෙත තරුණයා ඝාතනය:පුද්ගලයින් 9 ක් අත්අඩංගුවට

by Staff writer 27-06-2023 | 1:41 PM

COLOMBO (News 1st) – හඟුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේදී 22 හැවිරිදි තරුණයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවවසුෙව්, බරපතළ තුවාල ලැබූ තරුණයා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 25 වැනිදා මියගොස් ඇති බවයි.

ඉඩම් ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිගගොස් ඇති වූ ගැටුමකදී එම තරුණයා තුවාල ලබා තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකාර කාන්තාවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

පොලිසිය පැවසුවේ, අද දිනයේ අනෙකුත් සැකකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගත් බවයි.

පහරදිමේ සිද්ධියට අදාළව අනෙක් සැකකරුවන් අත්අඩංගුවට නොගත් බව කියමින් පිරිසක් කළහකාරි ලෙස හැසිරෙමින් ඊයේ රාත්‍රියේ හඟුරන්කෙත පොලිස් ස්ථානය තුළට ඇතුළු වීමට උත්සාහ කර තිබිණ. 

එම අවස්ථාවේදි කළහකාරි ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබීමට ද  පියවර ෙගන තිබිණ.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කෙළ්, මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් පිරිස කළහකාරි ලෙස හැසිරී ඇති බවයි.