.webp)
COLOMBO (News 1st) – රුපියල් මිලියන 107 ක් වටිනා රත්‍රං කිලෝග්රෑම් 05 ක් සමග ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් 05 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ, සැකකරුවන් ඩුබායි සිට මෙරටට එම රත්‍රං රැගෙන විත් නැවත ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යන බවට තොරතුරු ලැබුණු බවයි.
කටුනායක ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ ගුවන්යානයක් තුළදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පැවසී ය.
ඒ අනුව සැකකරුවන්ගේ ශරිර අභ්‍යන්තරයේ තිබී රත්‍රං ගුලි 15 ක් සොයා ගෙන තිබේ.