රට රැකියාවට යන ශ්‍රමිකයින්ට පුහුණුවක්

රට රැකියාවට යන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්

by Staff writer 27-06-2023 | 8:27 AM

COLOMBO (News 1st) - විදේශ රැකියා සඳහා විදේශගත කරන ශ්‍රමිකයින්ට පුහුණුව ලබාදීම සඳහා අයැදුම්පත් කැඳවීම ජූලි මස 01 වෙනි සතිය වනවිට ආරම්භ කරන බව වෘත්තීය පුහුණු අධිකාරිය පවසයි.

එහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග මෑතකදී අවබෝධතා ගිවිසුමකට එළඹුණු බවයි. 

මේ යටතේ කාර්යයන් 23ක් යටතේ ශ්‍රමිකයන් පුහුණු කිරීමට නියමිතයි.