.webp)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2023 සිට 2024 දක්වා වසර 2 ක කාලයක් සඳහා සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන යටතේ ලෝක බැංකුවේ සහය ලබා ගැනීමට අදාළ සාකච්ඡා පසුගිය දා පැවැත් වූ බවයි.
ඒ අනුව 2023 වර්ෂය සඳහා අමෙරිකානු ඩො. මිලියන 500කට සමාන විශේෂ ගැණුම් හිමිකම් හෙවත් එස්ඩීආර් මිලියන 371.2 වාරික දෙකකින් ලබාදීමට එකඟතාව පළ වී ඇත.
අදාළ ගිවිසුමට එළැඹීම පිණිස මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇතැයි සඳහන් වේ.