.webp)
ඒ අනුව පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ජූලි මස 6 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.
විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලුම ප්‍රවේශ පත්‍ර මේ වනවිට යොමු කර අවසන් බවයි.
යම් අපේක්ෂකයෙකුට මේ වනතුරුත් ප්‍රවේශ පත්‍රයක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා එම ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකියි.