.webp)
COLOMBO (News 1st) – අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරිමට හෙට සිට සියලු ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල විශේෂ කවුළු විවෘත කිරීමට තීරණය කර තිබේ.
අද පෙරවරුවේ TV 1හි විකාශය වූ නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහනට එක් වෙමින් සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජික කමල් පද්මසිරි මහතා මේ බව සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභින් සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා එක් ලක්ෂ තිස්දහසකට අධික ප්‍රමාණයක් ලැබි ඇති බවයි.
මේ අතර අස්වැසුම සම්බන්ධයෙන් ලැබෙමින් ඇති සියලු අභියාචනා සහ විරෝධතා සමීක්ෂණයට විශේෂ කමිටු පත් කිරීමට තීරණය කර තිෙබ්.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ කමිටු ස්ථාපනයට පියවර ගන්නා බවයි.
එම කමිටුව විසින් නියම සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ද, ඔහු ප්‍රකාශ කෙළ් ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, අස්වැසුම ප්‍රතිලාභ හිමිවිය යුත්තන්ට එම ප්‍රතිලාභ ලබා දීමට ගත හැකි සියලු පියවර ගන්නා බවයි.
අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ලබා දීමට ලබන 10 වැනිදා දක්වා අවස්ථාව පවතී.