A කාණ්ඩයේ තවත් තරග 2ක් අද ..

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරග 2ක් අද ..

by Staff writer 26-06-2023 | 8:40 AM

COLOMBO (News 1st) –  2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරග 2ක් අද පැවැත්වෙයි. 

ඒ, සිම්බාබ්වේ හරාරේ අගනුවරදී ය.

පළමු තරගය සත්කාරක සිම්බාබවේ සහ අමෙරිකා කණ්ඩායම් අතර පැවැත්වෙයි.

සත්කාරක කණ්ඩායම මේ වනවිටත් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා අවසන් ය.

අමෙරිකා කණ්ඩායමට මෙතෙක් කිසිඳු තරගයක් ජය ගැනීමට හැකි වූයේ නැහැ. 

මේ අතර , අනෙක් තරගය පැවැත්වෙන්නේ නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරයි.

කණ්ඩායම් දෙකම තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. 

මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වන මෙම තරග දෙකමTV1 වන් නාලිකාවෙන් සහ සිරස TV නිල වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය වෙයි.