.webp)
COLOMBO (News 1st) – හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ වෛද්‍ය පී. එම්. පි. බී. සිරිල් මහතා හදිසි අනතුරකින් මියගොස් තිබේ.
මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවිය.
සිරිල් මහතා ඊයේ රාත්‍රී මියගොස් ඇත්තේ, සිය තෙමහල් නිවසේ විදුලි සෝපානය කඩා වැටීමෙන් සිදු වූ අනතුරකිනි.
එම අවස්ථාවෙදි ඔහු හා ඔහුගේ රියැදුරු විදුලි සෝපානය තුළ සිටි ඇති බව සඳහන් ය.
අනතුරින් තුවාල ලැබු හිටපු අමාත්‍යවරයා සහ රියැදුරු හම්බන්තොට රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යැවීමෙන් පසු හිටපු අමාත්‍යවරයා මියගොස් තිබේ.