සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල CID අත්අඩංගුවට

by Staff writer 26-06-2023 | 5:29 PM

COLOMBO (News 1st) –  සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවීමෙන් අනතුරුවයි.

පසුගිය වසරේ ජූලි 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ හා අලාභ හානී කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණ.