යුරෝපා සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

යුරෝපා සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

by Sagarika Chathumali 26-06-2023 | 12:16 PM

COLOMBO (News 1st) – යුරෝපා සංචාරය අවසන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේ ය. 


බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවූ ජනාධිපතිවරයා පසුව ප්‍රංශයේ ද සංචාරයක නිරත විය. 

එහිදී ගෝලීය සමුළු කිහිපයකට ද සහභාගී වූ ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් සමග ද සාකච්ඡා පවත්වා තිබේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරෙස් මහතා සමග ද ජනාධිපතිවරයා සාකච්ඡාවක නිරතව ඇත.