පොහොර වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ ‍

පොහොර වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ ‍

by Staff writer 26-06-2023 | 4:12 PM

COLOMBO (News 1st) – පොහොර වවුචර්පත්වල වලංගු කාලය ලබන දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කර තිබේ. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, මෙවර යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත්වල වළංගු කාලය එලෙස දීර්ඝ කළ බවයි.

ගොවි සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බලමින් එම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසී ය. 
 
අදාළ වවුචර්පත් මාස දෙකක වලංගු කාලයකට යටත්ව නිකුත් කෙරිණ.