.webp)
-726386-535546.jpg)
ඒ, අභ්‍යන්තර ගැටුම්, සාකච්ඡා මාර්ගයට පිවිසීමත් සමගයි.
රුසියාව මෑතකාලීනව මුහුණ දුන් දරුණුතම අභියෝගය ලෙස, මෙය ඉතිහාසයට එක් වෙයි.
වාග්නර් ප්‍රධානියා සිය හමුදාව සමග ඉවත් වීමට තීරණය කිරීමෙන් පසු සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ ය.
ඔහු ප්‍රකාශ කර තිබුණේ ලේ වැගිරිම් වැළැක්විම පිණිස තමා මෙම තිරණය ගත් බවයි.
ඔහු, බෙලරූස් ජනපති සහ රුසියානු ජනපති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.
මෙම සාකච්ඡාවේදී රුසියානු ආරක්ෂක අංශවල කොටසක් ලෙස වාග්නර් අතුරු හමුදාව එක් කිරිමටද තීරණය වී තිබේ.
ඒ, ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවලින් නිදොස් කොට, දඩුවම් ලබා නොදීමටද එකඟ වෙමින් ය.
මේ වනවිට වැග්නර් හමුදාව රුසියාවෙන් ඉවත්ව බෙලරුස් කරා යමින් සිටින අතර, ඊයේ වසා දැමුණු මොස්කව් ඇතුළු නගර කිහිපයේ කටයුතු අද සාමාන්‍ය පරිදි කටයුතු සිදු වන බව සඳහන් ය.
