අයර්ලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ජය..

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 133ක ජයක්

by Staff writer 25-06-2023 | 9:27 PM

COLOMBO (News 1st) –  2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133කින් ජය ගත්තේ ය.

බුලවායෝහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සමගින් පැතුම් නිස්සංකයි.

පැතුම් ලකුණු 20කට පිටියෙන් ඉවත් විය

අනතුරුව පිටියේ එක්වූ දිමුත් කරුණාරත්න සහ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ය.

ඒ තුන්වැනි කඩුල්ලට ලකුණු 168ක අගනා සම්බන්ධතාවයක් ගොඩනගමිනි.

සදීර සමරවික්‍රම ලකුණු 82ක් රැස් කළේ ය.

දක්ෂ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ඔහුගේ මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් රැස් කළේ ය.

අද තරගයේදී ඔහු සිය එක්දින පිටියේ ලකුණු 1000 සීමාව පසුකිරීමද විශේෂත්වයකි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 325කි.