.webp)
-535539.jpg)
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය සහ අයි රෙක්ස් ආයතනය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය විවිධ අංශවල තරගකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණේ කොළඹදී ය.
තරගාවලියට සමගාමීව ජංගම දුරකතනය භාවිතයෙන් නිර්මාණය කෙරෙන වීඩියෝ පිළිබඳව විශේෂ දෙදින වැඩමුළුවක්ද සිදු කෙරිණ.
නිව්ස් ෆස්ට් හි නදීර ෂෙහාන් ඉදිරිපත් කල - කිරි මාමා - නමැති වීඩියෝ පටය වෘත්තීය ජනමාධ්‍යවේදී අංශයේ විශිෂ්ටතම නිර්මාණයට හිමි ත්‍යාගය දිනා ගත්තේ ය.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය, BBC පුවත් සේවයේ නියෝජිතයින් ඇතුළු පිරිසක්ද මීට සහභාගී විය.
තවත් අංශ කිහිපයක් යටතේ මෙහිදී ජනමාධ්‍යවේදීන් ඇගයිමට ලක්විය.
