.webp)

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය සඳහා රඳවා සිටි සිරකරුවෙකු එලෙස අද දින ආගමික වැඩසටහනක් සඳහා සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ එම ස්ථානයෙන් සුක්ෂම ලෙස මිදී ගොස් තිබූ බවයි.
මේ සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම සිරකරු ලුහුබැද ගොස් මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක නැගී සිටියදී පසුව අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබේ.
ඔහු ගම්පහ මහාධිකරණය මගින් 2015 වසරේ මිණිමැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවෙක් බව සඳහන් ය.
වයස අවුරුදු 42ක් පමණ වන ඔහු පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා යටතේ විමර්ශනයක් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
