නිතීවිරෝධී ඖෂධ සමග සැකකරුවෙකු කොටු..

නිතීවිරෝධීව ප්‍රවාහනය කළ ඖෂධ තොගයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට..

by Staff writer 25-06-2023 | 6:18 PM

COLOMBO (News 1st) – නිතීවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ ඖෂධ තොගයක් සමග සැකකරුවෙකු කල්පිටිය කරඹ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. 

නාවික හමුදාව සඳහන් කළේ, අදාල ඖෂධ තොගය අලෙවි කිරීම සඳහා එලෙස රැගෙන යමින් තිබු බවයි.

එහි තිබී ඖෂධ කාඩ්පත් 42,300ක තොගයක් සොයා ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එලෙස භාරයට ගත් සැකකරු, වෑන් රථය සහ ඖෂධ තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා නොරොච්චෝල පොලීසිය වෙත භාරදී තිබේ.