සමෘද්ධිය අහිමිවීම ගැන අභියාචනා 17,000ක්

අස්වැසුම වැඩපිළිවෙළ හරහා සමෘද්ධිය අහිමිවීම සම්බන්ධයෙන් අභියාචනා 17,000ක් - සමාජ සුබසාධන මණ්ඩලය

by Staff writer 25-06-2023 | 12:28 PM

COLOMBO (News 1st) - අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙළ හරහා සමෘද්ධිය අහිමිවීම සම්බන්ධයෙන් අභියාචනා 17,000 ක් මේ වන විට ලැබී ඇතැයි සමාජ සුබසාධන මණ්ඩලය පවසයි.

එහි සාමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, ලබන 30 වැනිදා දක්වා ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි.

ලැබී ඇති අභියාචනා සළකා බැලීම මේ වන විට ආරම්භ කර ඇතැයි ද, කමල් පද්මසිරි මහතා සඳහන් කළේ ය.

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ පිළිබඳ තාවකාලික නාම ලේඛණය ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය 20 වැනිදායි.