අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට වැසි...

අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට වැසි...

by Staff writer 25-06-2023 | 6:20 PM

COLOMBO (News 1st) – අද සහ හෙට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත් වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය.

එමෙන්ම ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති වනු ඇති.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද පළාතේත්, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළං වේගය පැයට කිලෝමීටර 45 ක් පමණ දක්වා ඉහළ යා හැකි ය. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.