චීනයේ ඖෂධ සමාගම් 4කට එරෙහිව අමෙරිකාවෙන් අපරාධචෝදනා

චීනයේ ඖෂධ සමාගම් 4කට එරෙහිව අමෙරිකාවෙන් අපරාධ චෝදනා..

by Staff writer 24-06-2023 | 10:49 AM

COLOMBO (News 1st) –  චීනයේ ඖෂධ නිෂ්පාදන සමාගම් 4කට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ චෝදනා ගොනු කර තිබේ. 

ඒ,ෆෙන්ටැනයිල් නම් වේදනා නාශකයක් නිර්මාණය කිරීමට භාවිත කරන ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් ය. 

අදාළ සමාගම් නියෝජිතයින් එම අමු ද්‍රව්‍ය අමෙරිකාව තුළදී නීති විරෝධී ලෙස අලෙවි කර ඇතැයි ද අනාවරණය වී තිබේ. 

ඊට සම්බන්ධ තවත් චීන ජාතිකයින් 8 දෙනෙකුට ද චෝදනා එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.