කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්..

by Staff writer 24-06-2023 | 6:29 AM

COLOMBO (News 1st) –  කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(24) පැය 16ක ජල අත්හිටුවීමක් සිදුකරන බවජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

එලෙස ජල කප්පාදුවක් සිදුකෙරෙන්නේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි.

ඒ අනුව අද උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

ඊට හේතු වී ඇත්තේ, අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තකි.