අල්ලස් ගත් අවිස්සාවේල්ල නගර සභාවේ දෙන්නෙක් කොටු

අල්ලස් ගත් අවිස්සාවේල්ල නගර සභාවේ වැඩබලන ලේකම් සහ ආදායම් පරීක්ෂක අත්අඩංගුවට

by Staff writer 24-06-2023 | 4:58 PM

COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 4ක අල්ලසක් ගත් අවිස්සාවේල්ල නගර සභාවේ වැඩබලන ලේකම් සහ ආදායම් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කළ වැටලීමකදීයි. 

ව්‍යාපාරික හවුල්කාරියකට හිමිවිය යුතු අවිස්සාවේල්ල බස් නැවතුම්පොළේ නව වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමරයක උරුමය පවරාදීමකට අදාළ රාජකාරි කටයුතු කඩිනම් කිරීම සඳහා සැකකරුවන් මෙම අල්ලස ලබා ගෙන ඇත.

අල්ලස් කොමිසම පැවසුවේ, එම අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. 

සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.