.webp)
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමානයේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 20කදී බිඳ වැටුණි.
ඕමාන පිතිකරුවන් බොහෝ දෙනෙකුට ලකුණු අතරට පිවිසීමට හැකි වුණේ නැත.
අයාන් ඛාන් ලකුණු 41ක් රැස් කළේ ය.
ඕමාන ඉනිම සුනු විසුනු කළ වනිඳු හසරංග ලකුණු 13ට කඩුලු 5ක් දවා ගත්තේ ය.
එය ඔහු එක් දින ක්‍රිකට් තරගයකදී කඩුලු 5ක් දවා ගත් දෙවැනි අවස්ථාවයි.
ලහිරු කුමාර ලකුණු 22ට කඩුලු 3ක් දවා ගත්තේ ය.
පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේදී ඕමාන ක්‍රීඩකයින් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 98ක් පමණි.
පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය.
ඔවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දුවාර 15ක් තුළ ලකුණු 100ක් රැස් කරමිනි.
10 වැනි එක් දින අර්ධ ශතකය රැස් කළ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 61ක් රැස් කරගෙන සිටි අතර පැතුම් නිස්සංක නොදැවී ලකුණු 37යි.
තරගයේ වීරයා වනිඳු හසරංගය.