ලංකාව සහභාගි වන දෙවන තරගය අද..

ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද

by Staff writer 23-06-2023 | 8:24 AM

COLOMBO (News 1st)  –  2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23)පැවැත්වෙයි. 

ඒ, ඕමාන කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගය සිම්බාබ්වේ බුලවායෝහීදී පැවැත්වෙයි.

ඕමානය තරගාවලියේ B කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර ශ්‍රී ලංකාව පසු වන්නේ එහි දෙවන ස්ථානයේ ය.

මේ අතර, මෙම තරගාවලියේ තවත් තරගයක් එක්සත් අරාබි එමීර් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර අද පැවැත්වෙයි. 

ඒ බුලවායෝදී ය.

ස්කොට්ලන්ත කණ්ඩායම තරගාවලියේ බී කාණ්ඩායේ 3වන ස්ථානයේ රැදී සිටින අතර එක්සත් අරාබි එමීර් කණ්ඩායම එහි පස්වන ස්ථානයේ පසුවෙයි. 

මෙම තරග දෙකම ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමාන කණ්ඩායම් අතර තරගය සිරස TV සහ TV වන් නාළිකාව ඔස්සේත්, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර තරගය සිරස tv නිල වෙබ් අඩවිය ඔස්සේත් සජීව ලෙස ඔබට නැරඹීමට හැකියාව පවතී.