සැකකරුවෙකුට පොලීසියෙන් වෙඩි

ඌරගස්මංහන්දියේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකුට තුවාල

by Staff writer 23-06-2023 | 8:13 PM

COLOMBO (News 1st) - ඌරගස්මන්හන්දිය පොලිස් නිලධාරීන්ට පහර දී පළා යෑමට තැත් කළ සැකකරුවෙකුට පොලීසිය වෙඩි තබා තිබේ. 

පොලීසිය සඳහන් කළේ, අද (23) පස්වරුවේ සිදුකළ එම වෙඩි තැබීමෙන් සැකකරුගේ පාදයට තුවාල සිදු වූ බවයි.

පසුගිය දා දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී කඩුවකින් පහරදි පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අවශ්‍ය සිටි බව පොලීසිය පවසයි.

ඒ අනුව අද පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සැකකරු පොලීසියට තියුණු ආයුධයකින් පහරදි පළා යෑමට තැත් කර ඇත.

පොලීසිය පැවසුවේ, එහිදී ඔහුගේ පාදයට වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගත් බවයි.