.webp)
COLOMBO (News 1st) – පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට සැක පිට අමෙරිකා ක්‍රිකට් ක්‍රීඩක කයිල් පිලිප්ට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග අතරතුරයි.
එම තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේදී කයිල් පිලිප් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.