.webp)
2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් උපයා ඇති ආදායම රුපියල් බිලියන 17යි දශම 5කි.
පෙර වසර හා සැසදීමේදී ආදායම් වර්ධනය 120% ඉක්මවනු ඇත.
2022 වසරට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් විගණිත මූල්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය විසින් ඒකමතිකව අනුමත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ආදායම් වර්ධනය සඳහා හේතු වූ සංරචක හතරක් දක්වා තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සාමාජික ප්‍රදානයන් යන ඒවායි.