විදේශ රැකියා ඇමති මනූෂගෙන් ජනතාවට දැනුම්දීමක්

විදේශ රැකියා ඇමති මනූෂගෙන් ජනතාවට දැනුම්දීමක්

by Staff writer 22-06-2023 | 4:48 PM

COLOMBO (News 1st) -  සිය නම භාවිත කරමින් විදේශ රැකියා සඳහා මුදල් එක් රැස් කරන කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වළකින්නැයි, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජනතාවට දැනුම් දෙයි. 

සිය නම භාවිත කරමින් විදේශ රැකියා සඳහා මුදල් එක් රැස් කරන කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වළකින්නැයි, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජනතාවට දැනුම් දෙයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,  සිය සහෝදරයෙක් , ඥාතියෙක් හෝ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් බව පවසමින් එවැනි ගනුදෙනු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ද තමා වගකීමක් නොගන්නා බවයි.

එවැනි ගනුදෙනු සඳහා සිය මැදිහත්වීමක් නොමැති බව අමාත්‍යවරයා කියා සිටියේ ය. 

විදේශ රැකියා සඳහා යොමු කරන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් රැස් කරන ජාවාරම් විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තාවී ඇතැයි,අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, එවැනි ජාවාරම් වැළැක්වීම සඳහා දැඩි නීතිමය පියවර ගන්නා බවයි.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට හැකි වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් බැවින්, එම ආයතන සමග පමණක් සම්බන්ධවී කටයුතු කරන්නැයි, අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.