.webp)
COLOMBO (News 1st) – ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබේ.
පොලිසිය පැවසුවේ, අද දහවල් මාර්ග බාධකයක් හරහා ගමන් ගත් ත්‍රිරෝද රථයකට නතර කරන ලෙස පොලිසිය අණ කළ බවයි.
එහිදි අණ නොතකා ඉදිරියට ධාවනය කළ ත්‍රිරෝද රථයට පොලිසිය වෙඩි තබා තිබේ.
ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු එය දමා පලා ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
පලා ගිය පුද්ගලයින් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් හා ගෙවල් බිඳුම්වලට සම්බන්ධවූවන් බව සඳහන් ය.