ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කරන්න ආධාර

ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 5ක ආධාර

by Staff writer 22-06-2023 | 7:56 AM

COLOMBO (News 1st) - ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීම සඳහා ලෝක බැංකු ණය ආධාර යටතේ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 5.5 ක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉදිරි දින කිහිපය ඇතුළත එම මුදල ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙනු ඇති බවයි.