ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 67ක්

ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 67ක් ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 22-06-2023 | 11:05 AM

COLOMBO (News 1st) - ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 67ක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

එහි වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් බත්තරමුල්ල, ගොතටුව සහ මහරගම යන අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ශ්‍රී ලංකා රතුකුරුස සංගමය සමග ඒකාබද්ධව වැඩසටහනක් ද ආරම්භ කර ඇති බවයි.

එම වැඩසටහනේදී නිවාස පරිශ්‍ර 7000 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන සති 2 ක කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර මේ වන විට ඩෙංගු රෝගීන් 46,473 ක් වාර්තා වේ. 

මේ අතරින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.