.webp)
COLOMBO (News 1st) - පසුගිය ඉරිදා සිට අද දක්වා ලොවම කැළඹූ පුවත බවට පත්වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන්වූ ඕෂන් ගේට් ටයිටන් සබ්මැරීනයෙන් මෙතෙක් කිසිදු සුබවාදී තොරතුරක් නොමැත.
මේ වනවිට එහි ගිය පිරිස මුදා ගැනීමට ඉතිරිව ඇති කාලය අවසන් යැයි හැගෙන මොහොතක
බී. බී. සී. පුවත් සේවය පැවසුවේ සබ්මැරීනය තුළ ඉතිරිව ඇති ඔක්සිජන් ප්‍රමාණය අවසන් වී ඇති බවයි
ටයිටන් සොයා අමෙරිකානු සහ කැනේඩියානු වෙරලාරක්ෂක බලකායන්, නාවික සහ ගුවන් හමුදා ඇතුළු විශාල පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම හා මේ වනතුරුත් සම්බන්ධවෙමින් සිටී.
සබ්මැරීනය අතුරුදන් වූ ප්‍රදේශය ආශ්‍රිතව යමකට තදින් පහර දෙන එම ශබ්දය ටයිටන් සබ්මැරීනයෙන් නිකුත් වී ඇති බවට සැක කළත් එය මෙතෙක් තහවුරුව නොමැත.
දැන් එය හරියටම ඈත අහසේ ජෙට් එකක් ගමන් කරන ශබ්දය ඇසී එය කොහේදැයි නිරීක්ෂණය කළත් සැබවින්ම ජෙට් එක නොමැති තත්ත්වයක් ලෙස විශ්ලේෂණය කළ හැකි බවට ද මත පළ වේ.
ලෝ ප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ටයිටන් යාත්‍රා කරමින් තිබිණ.
එක් පුද්ගලයෙකුගෙන් ඩොලර් දෙලක්ෂ පනස් දහසක පමණ මුදලක් අය කරමින්,, මෙම සංචාර සංවිධානය කරන්නේ ඕෂන් ගේට් නම් අමෙරිකානු ආයතනයයි.
ඔවුන් 2021 වසරේදී පළමු වරට සාර්ථකව ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමේ චාරිකාවක් අවසන් කළේ ය.
කුඩා සබ්මැරීනය තුළ ඕෂන් ගේට් ආයතයේ ප්‍රධානියා, කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුත්‍රයා, හිටපු නාවික කිමිඳුම්කරුවෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු සිටින බව විදෙස් වාර්තාවල සඳහන් ය.
මෙම නැරඹුම් චාරිකාව ආරම්භ කර පැය 2ක පමණ කාලයකදී ඕෂන් ගේට් ආයතය සහ ටයිටන් සබ්මැරීනය සමග සියලු සම්බන්ධතා බිඳ වැටී තිබිණ.