.webp)
COLOMBO (News 1st) - රුපියල් කෝටි 64 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ, එහි බර කිලෝග්‍රෑම් 16 යි ග්‍රෑම් 193 ක් වන බවයි.
අදාළ හෙරොයින් තොගය මෙරටට ගෙන්වා ඇත්තේ, අර්තාපල් ගෙන්වන මුවාවෙනි.
අදාළ හෙරොයින් තොගය අඩංගු කන්ටේනරය රැගත් නෞකාව පැමිණ ඇත්තේ පකිස්තානයේ කරච්චි නුවර සිටයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශයට භාර දෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසී ය.