.webp)
COLOMBO (News 1st) – කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල අද (21) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ , යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.
ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වෛද්‍ය රසායනාගාරයක සේවය කරන 30 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර මීට පෙර තවත් ප්‍රදේශ දෙකකින් ද වෙඩි තැබීමේ සිද්ධි වාර්තා විය..
ඉන් එක් වෙඩි තැබීමක් කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයෙන් අද උදෑසන වාර්තා වූ අතර එම වෙඩි තැබීමෙන් 52 හැවිරිදි පුද්ගලෙයක් ජීවිතක්ෂයට පත් විය.
අනෙක් වෙඩි තැබීම හෝමාගම, නියඳගල ප්‍ර දේශයෙන් ඊයේ රාත්‍රී වාර්තා වූ අතර එම වෙඩි තැබීමෙන් ද 46 හැවිරිදි පුද්ගලෙයක් ජීවිතක්ෂයට පත්විය.