.webp)
ඊයේ (20) පස්වරුවේ පුස්සැල්ලව සැන්කුවාර් ප්‍රදේශයේදී පුස්සැල්ලව දෙසට ධාවනය වෙමින් තිබූ මෙම කැබ් රථය මාර්ගයේ පෙරළි ගොස් ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ, පුස්සැල්ලාව ප්‍රදේශයේම පදංචිකරුවෙකි.
අනතුර සිදු වන අවස්ථාවේ කුඩා දරුවෙකු ද කැබ් රථයේ සිටි නමුත් එම දරුවාට හානියක් සිදුව නැත.
කැබ් රථයේ රියැදුරු නින්දයාම අනතුරට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
මේ අතර විවිධ හදිසි අනතුරුවලින් වාර්ෂිකව මෙරට පුද්ගලයින් ලක්ෂ 40කට ආසන්න පිරිසක් තුවාල ලබන බව සෞඛ්‍ය අංශ පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේ, විවිධ අනතුරු හේතුවෙන් වාර්ෂිකව ලක්ෂ 13ක සංඛ්‍යාවක් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.
හදිසි අනතුරු මෙරට ප්‍රබලතම සෞඛ්‍ය ගැටලුවක් බව ද ඔහු පෙන්වා දෙයි.
හදිසි අනතුරුවලින් වාර්ෂිකව මියයන සංඛ්‍යාව 12000කට අධික බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කළේ ය
මෙම අනතුරු වැළැක්විම සඳහා පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය අංශ නිලධාරීන් පුහුණු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.