.webp)
අද (21) පළමු තරගය අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙනු ඇත.
තරගාවලියේ 7 වැනි තරගය වන මෙය බී කාණ්ඩය යටතේ ක්‍රියාත්මකයි.
අයර්ලන්තය තරගාවලියේ මුහුණදුන් පළමු තරගය ප්‍රතිවාදී ඕමානය කඩුලු 5කින් ජය ගත්තේ ය.
රිචී බෙරින්ටන්ගේ නායකත්වයෙන් යුත් ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ මුහුණදෙන පළමු තරගය මෙයයි.
සිම්බාබ්වේ බුලවායෝහිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් දහවල් 12.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අද දිනට නියමිත දෙවැනි තරගය පැවැත්වෙන්නේ, ඕමානය සහ එක්සත් අරාබී එමිර් කණ්ඩායම් අතරයි.
එක්සත් අරාබී එමිර් කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 175කින් පරාජය විය.
අයර්ලන්තයට එරෙහි පළමු තරගය කඩුලු 5කින් ජය ගත් සීෂාන් මක්සූඩ්ගේ නායකත්වයෙන් යුත් ඕමාන කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ දෙවැනි තරගයේ ජයග්‍රහණය ද තමන් සතු කර ගැනීමේ අපේක්ෂාවෙනි.
තරගාවලියේ සියලු තරග TV1 නාලිකාවෙන් සහ සිරස TV නිල වෙබ් අඩවියේත් ශ්‍රී ලංකාව සහභාගිවන තරග සිරස TV ඔස්සේත් විකාශය කෙරෙනු ඇත.