ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 21-06-2023 | 5:35 AM

1. ගොවීන්ට පොහොර ගැටලු ගැන පැමිණිලි කරන්න අංක 2 ක් - ගොවීන්ට පොහොර වවුචර්පත් හා පොහොර සම්බන්ධ ගැටලු පැමිණිලි කිරීමට තවත් දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

2. වගවීම ගැන UNHRC ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරලා - වොල්කර් ටර්ක් - වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි. 

3. බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි -  බ්‍රිතාන්‍ය සංචාරයේ නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන්හි, මැල්බරාහවුස්හීදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී තිබේ. 

4. අද (20) මධ්‍යම රාත්‍රියේ සිට,පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළට - ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකර තිබේ.

5. ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට යාත්‍රා කළ සබ්මැරීනයක් අතුරුදන් - ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා යාත්‍රා කළ සබ්මැරීනයක් අතුරුදන්ව තිබේ.