UNHRC 53 වැනි සැසිය ඇරඹේ

වගවීම ගැන UNHRC ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරලා - වොල්කර් ටර්ක්

by Staff writer 20-06-2023 | 1:26 PM

COLOMBO (News 1st) – වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි. 

ඔහු මෙම අදහස් පළ කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජිනීවාහිදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරය ලබන ජූලි 14 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර හෙට සැසියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික ප්‍රකාශයක් කිරීමට ද නියමිතව තිබේ.