ගොවීන්ගේ පොහොර ගැටලු ගැන කියන්න අංක 2 ක්

ගොවීන්ට පොහොර ගැටලු ගැන පැමිණිලි කරන්න අංක 2 ක්

by Staff writer 20-06-2023 | 5:23 PM

COLOMBO (News 1st) – ගොවීන්ට පොහොර වවුචර්පත් හා පොහොර සම්බන්ධ ගැටලු පැමිණිලි කිරීමට තවත් දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ, ගොවි ජනතාවට යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් තවම ලැබී නැති බවටත්, යූරියා ඇතුළු අනෙකුත් පොහොර ලබා ගැනීමේ දී ඇති වන ගැටෙලු පිළිබඳවත් නිරන්තරයෙන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
 
ඒ අනුව පොහොර සහනාධාර වවුචර් පත් සම්බන්ධ ගැටලු විමසීමට 071 76 49 054 යන දුරකථන අංකය ඇමතිය හැකි වේ. 

පොහොර පිළිබඳ විමසීමට  077 34 97 565 යන දුරකථන අංකය විමසිය හැකියි.