.webp)
COLOMBO (News 1st) - ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් දිවයින පුරා රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, රෝහල් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පවත්වා ගැනීම මෙහි මූලික පරමාර්ථය බවයි.
මේ අතර බස්නාහිර පළාත් පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව ඇඳුමක් ඇඳීමට අවසර හිමි වී තිබේ.
පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත් මහතා පැවසුවේ, ඩෙංගුවලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි.
ඒ අනුව, ලා පැහැති, දිග ඇඳුමක්, නිල ඇඳුමට යටින් ඇඳීමට අවසර හිමිවන බව, ඔහු ප්‍රකාශ කෙළ් ය.
මේ වන විට ෙමරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,200 කි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ මේ අතරින් 50% කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10,232 කට ආසන්න ප්‍රමාණයක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 9906 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා ෙව්.