.webp)
ඒ, එක්සත් අරාබී එමිර් කණ්ඩායම සමගයි.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසෙන්නේ 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් ය.
තරගාවලියේ B කාණ්ඩයෙන් පැවැත්වෙන මෙම තරගයේ එක්සත් අරාබී එමිර් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ මුහම්මද් වසීම්.
සිම්බාබ්වේ බුලවායෝහිදී පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් දහවල් 12.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම තරගය TV 1 සහ සිරස TV ඔස්සේ සජීව විකාශය කෙරෙනු ඇති.
මේ අතර, 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙයි.
ඒ, අයර්ලන්තය සහ ඕමානය අතරයි.
අයර්ලන්ත කණ්ඩායමට ඇන්ඩි බැල්බර්නි නායකත්වය ලබා දෙන අතර ඕමාන කණ්ඩායම මෙහෙයවන්නේ සීෂාන් මක්සූඩ් ය.
තරගාවලියේ B කාණ්ඩයෙන් යටතේ මෙම තරගය සිම්බාබ්වේහි, බුලවායෝහිදී පැවැත්වෙන අතර එය මෙරට වෙලාවෙන් දහවල් 12. 30 ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
තරගය WWW. SIRASATV.LK වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.