පාසල් හැර යන දරුවන්ට නොමිලේ වෘත්තීය පුහුණුවක් ?

පාසල් හැර යන දරුවන් නොමිලේ වෘත්තීය පුහුණුවට යොමු කරන්න - අගමැතිගෙන් උපදෙස්

by Staff writer 19-06-2023 | 5:10 PM

COLOMBO (News 1st) - පාසල් හැර යන දරුවන් නොමිලේ වෘත්තීය පුහුණුවට යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ, අද (19) පෙරවරුවේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමේදීය.

පාසල් හැරයන දරුවන් පිළිබඳ නිසි දත්ත වාර්තාවක් සකස් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන් වේ.

දරුවන් පාසල් හැරයාමේදී ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාගත වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, නොමිලේ පාඨමාලා සඳහා යොමුකර ඔවුන්ගේ අනාගතය සාර්ථක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සියලුදෙනාගේ යුතුකමක් බවයි.