.webp)
සභාපතිවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් සමග ජනතා කැමැත්ත මේ වනවිට වෙනසකට ලක්ව ඇති බවයි.
ඒ අනුව තම මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාව තුල පවතින නව කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා කුමන මැතිවරණයකින් හෝ අවස්ථාවක් ලබාදිය යුතුව ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පෙන්වා දෙන්නේ, එසේ නොවුණහොත් සමාජයට දරාගත නොහැකි අයුරින් ජනතා කැමැත්ත ඉස්මතුවීමට ඉඩ ඇති බවයි.
රට මේ වනවිට යහපත් තත්ත්වයකට පත්වෙමින් පවතින බැවින් මැතිවරණයක අවශ්‍යතාව පවතී නම්, පාර්ලිමේන්තුව මගින් කොමිසමට ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙනු ඇති බවද ඔහු සඳහන් කළේ ය.
මේ අතර, ඕනෑම අවස්ථාවක මැතිවරණය සඳහා කොමිෂන් සභාව සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය මුලික වැඩකටයුතු මේ වනවිට සිදුකරමින් ඇති බවයි.
නිලධාරින් පුහුණු කිරීම මෙන්ම ඡන්ද පොළ පහසුකම් සැකසීමේ කටයුතු ද මේ වනවිට අවසන් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ඉදිරි මැතිවරණයේ නාම යෝජනා අවලංගු කළහොත් ඒ සඳහා වියදම් කළ මුදල්වලින් යම් ප්‍රතිශතයක් අපතේ යා හැකි බවයි.