.webp)
ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ, අදාළ මාර්ගයන් ආවරණය වන පරිදි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සුඛෝපාභෝගි බස් සේවාවක් ආරම්භ කිරීමට එරෙහිවයි.
අඩු ගාස්තු යටතේ බස් රථය ධාවනයට එක් කිරීම තුළ එම මාර්ග ආවරණය වන පරිදි ධාවනය කරන සාමාන්‍ය සේවා බස් රථ දැඩි අපහසුතාවකට පත්වන බව ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, බස් සංගම් නියෝජිතයින් සඳහන් කළේ, මෙම වර්ජනය බස් සංගම් මැදිහත්වීමකින් තොරව සිදුවන බවයි.
අප මේ සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බොරැල්ල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකාර රවීන්ද්‍ර වෙත්තසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.
ඔහු සඳහන් කළේ, අදාළ මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගී බස් රථයක් ධාවනයේ යෙදවීමට විරෝධය පළ කරමින් මෙම පිරිස වර්ජනයේ නිරත වන බවයි.
බස් රථ සේවකයින් සමග සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.